පවුල් ආරවුලක් දුරදිග යෑමෙන් වූ සිද්ධියකින් සැමියා විසින් සිය බිරිඳව ගිනි තබා ඝාතනය කර තිබේ.
පරසන්ගස්වැව, මැදගම ප්රදේශයේදී ඊයේ (13) මෙම සාහසික අපරාධය සිදුව ඇත.
මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 41ක්වූ පරසන්ගස්වැව ප්රදේශයේ පදිංචිකාරියක්ය.
පරසන්ගස්වැව පොලිස් ස්ථානය මේ පිළිබඳ විමර්ශනයක් ආරම්භ කර ඇති අතර, එහිදි අනාවරණය වී ඇත්තේ පවුල් ආරවුලක් හේතුවෙන් ස්වාමිපුරුෂයා විසින් මෙම ඝාතනය සිදුකර ඇති බවය.
සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා පරසන්ගස්වැව පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.








