2026 විස්සයි විස්ස ලෝක කුසලාන ක්රිකට් තරගාවලියේ තවත් තරග 03 ක් අද (14) දිනයේදීත් පැවැත්වීමට නියමිතව තිබෙනවා.
ඒ අනුව, අද පැවැත්වෙන පළමු තරගය ලෙස B කාණ්ඩය යටතේ අයර්ලන්ත කණ්ඩායම හා ඕමාන කණ්ඩායම අතර තරගය කොළඹ SSC පිටියේදී පෙරවරු 11.00 ට ආරම්භ වීමට නියමිතයි.
දෙවන තරගය ලෙස C කාණ්ඩය යටතේ එංගලන්ත කණ්ඩායම හා ස්කොට්ලන්ත කණ්ඩායම අතර තරගය Eden Gardens හිදී පස්වරු 3.00 ට පැවැත්වෙනවා.
එසේම, අද දිනයේ පැවැත්වෙන තෙවන තරගය ලෙස D කාණ්ඩය යටතේ නවසීලන්තය හා දකුණු අප්රිකා කණ්ඩායම අතර තරගය අද රාත්රී 7.00 ට Ahmedabad හිදී පැවැත්වීමට නියමිතව තිබෙනවා.








