කොළඹ මහ නගර සභාවේ ශ්රී ලංකා මුස්ලිම් කොංග්රස් පක්ෂයේ සාමාජිකාවක් වන සොහාරා බුහාරි, එම පක්ෂ සාමාජිකයකුව සිටීම අවසන් කර තිබීම හේතුවෙන් එම සභාවේ ඇයගේ සභික ධුරය අතහැර ඇති බවට ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
අදාළ කොළඹ මහ නගර සභා මන්ත්රීවරිය පසුගිය අයවැය ඡන්දයේදී පක්ෂය විසින් දෙන ලද උපදෙස්වලට පටහැනිව ජාතික ජන බලවේගයට ඡන්දය පාවිච්චි කිරීම හේතු කොටගෙන ඇයට විරුද්ධව පක්ෂයේ ලේකම් ජනාධිපති නීතිඥ පාර්ලිමේන්තු මන්ත්රී නිසාම් කාරියප්පර් විසින් විනය ක්රියාමාර්ග ගෙන තිබුණා.
අදාළ ගැසට් නිවේදනය පහතින්.









