පසුගිය වසර 05 තුළ සිදු කළ ගල් අඟුරු ආනයනයන් පිළිබඳ කෝප් කමිටුවෙන් විමර්ශනයක් සිදු කිරීමට තීරණය කෙරේ

පසුගිය වසර පහ තුළ ගල් අඟුරු ආනයන ක්‍රියාවලිය පිළිබඳ විශේෂ විමර්ශනයක් පැවැත්වීමට කෝප් කමිටුව තීරණය කර තිබෙනවා.

ඒ අනුව, විගණන වාර්තා ද පදනම් කර ගනිමින් එම විමර්ශනය සිදු කරන බවයි එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නිශාන්ත සමරවීර සඳහන් කළේ.

ගෙවුණු වසර 05 තුළ ගල් අඟුරු ආනයනය සඳහා ටෙන්ඩර් ක්‍රියාවලියක් අනුගමනය කළේ ද, ඒවා විනිවිද පෙනෙන අයුරින් සිදු කළේ ද යන්න මෙන්ම, ගල් අඟුරු ආනයනය සඳහා සම්බන්ධීකරණය සිදු කළේ කුමන පාර්ශ්ව ද යන්න එහිදී සොයා බැලීමට නියමිත බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.