බුදු­ද­හම වගේම ආණ්ඩුව හැම ආග­මක්ම ආරක්ෂා කළ යුතුයි

අද වන විට වත්මන් ආණ්ඩුව සමා­ජයේ සියලු ජන කොට­ස්ව­ලින් පළි­ග­නි­මින් සිටින බව විපක්ෂ නායක සජිත් ප්‍රේම­දාස මහතා කීවේය.

විශේෂ ප්‍රකා­ශ­යක් කර­මින් පෙරේදා (09) ඒ මහතා මේ බව කීවේය.

ආණ්ඩු­ක්‍රම ව්‍යව­ස්ථා­වෙන් බුදු­ද­හ­මට සුවි­ශේෂ ස්ථාන­යක් ලබා දී ඇති නිසා රජය සම්බුද්ධ ශාස­නය සුර­ක්ෂිත කර පෝෂ­ණය කර­නවා සේම සෙසු ආගම් සංස්කෘ­තිය ආරක්ෂා කළ යුතු වුවත් ඒවා නොකර අප රට නිරා­ග­මික රටක් බවට පත් කිරී­මට රජය කට­යුතු කර­මින් සිටි­නවා. මේ වන විට ගොවි ජන­තාව අස්වැන්න නෙළා ගත්තත් අස්වැ­න්නට සාධා­රණ මිලක් නෑ. මාධ්‍ය­ව­ලින් දැන ගන්න ලැබෙන ආකා­ර­යට වී ගබඩා වසා ඇති බැවින් වී මිලදී ගන්නේ කෙසේද කියා දැන ගැනී­මට අව­ශ්‍යයි. ගොවීන් පැමි­ණිලි කරන ආකා­ර­යට වගා කට­යුතු අව­සන් වුවත් පොහොර සහ­නා­ධා­රය තවම ලැබී නැහැ.මේ රජ­යට චීන­යෙන් නොමිලේ ලබා දෙන පාසල් නිල ඇඳුම් පවා බෙදා­දී­මට නොහැකි වෙලා. මෙසේ ජන­තාව පීඩා­වට පත් නොක­රන ලෙස ඉල්ලා සිටින බව විපක්ෂ නායක සජිත් ප්‍රේම­දාස මහතා වැඩි­දු­ර­ටත් පැව­සීය.

රක්ෂණ ශ්‍රියන්ත