බදුල්ල ශික්ෂණ රෝහලේ දැනට ඉදිකිරීම් කටයුතු අත්හිටුවා ඇති වකුගඩු ප්‍රතිකාර ඒකකය සඳහා වන ගොඩනැගිල්ලේ ඉදිකිරීම් අවසන් කර යෝජිත මහාචාර්ය ඒකක ස්ථාපනය කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙයි
ඌව‑වෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ සායනික පුහුණු මධ්‍යස්ථානය ලෙස තෝරා ගනු ලැබ ඇති බදුල්ල මහ රෝහල, ශික්ෂණ රෝහලක් ලෙස උත්ශ්‍රේණිගත කොට ඇත.
එම මහ රෝහලේ සායනික පුහුණු කාර්යයන් සඳහා අවශ්‍ය කරනු ලබන මහාචාර්ය ඒකකවලින් සහ ආශ්රිත ඉගැන්වීමේ පහසුකම්වලින් ආසන්න වශයෙන් 80%ක ප්‍රමාණයක් සපුරා ගැනීමේ අරමුණින් දැනට ඉදිකිරීම් කටයුතු අත්හිටුවා ඇති මහල් දහයකින් සමන්විත වකුගඩු ප්‍රතිකාර ඒකකයේ වැඩ කඩිනමින් නිම කිරීමට හැකි වන පරිදි ඒ සඳහා වන කොන්ත්‍රාත්තුව මධ්‍යම ඉංජිනේරු සේවා (පුද්ගලික) සමාගම වෙත ප්රදානය කිරීම පිණිස අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය වශයෙන් අගමැති සහ සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යතුමා ඉදිරිපත් කළ ඒකාබද්ධ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර ඇති බව සඳහන් වෙයි.








