හෙටත් බොහෝ ප්‍රදේශවලට වියළි කාලගුණික තත්ත්වයක්

දිවයිනේ බොහෝ ප්‍රදේශවලට හෙට (11) දිනයේදීත් වියළි කාලගුණික තත්ත්වයක් පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

එම දෙපාර්තමේන්තුව හෙට (11) දිනට අදාළ නිකුත් කළ නිවේදනයේ මේ බව දැක්වේ.

පෙබරවාරි 12 වන දින සිට පවතින වියළි කාලගුණික තත්ත්වයේ වෙනසක් අපේක්ෂා කරන බවද එම නිවේදනයේ සඳහන් වෙයි.

මේ අතර, බස්නාහිර, සබරගමුව, මධ්‍යම, ඌව, උතුරු-මැද සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල අළුයම් කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකි බවද සඳහන් වෙයි.