දෙහිවලදී 16 හැවිරිදි දැරියකට වෙඩි තැබීමේ සිද්ධියේ වෙඩික්කරු අත්අඩංගුවට

දෙහිවල, බෝධිවත්ත ප්‍රදේශයේදී 16 හැවිරිදි දැරියකට වෙඩි තැබීමේ සිද්ධියට සම්බන්ධ වෙඩික්කරු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය පවසනවා.

බස්නාහිර පළාත් දකුණ දිසා අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් විසින් සිදුකළ විමර්ශනයකට අනුව මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇති බවයි සඳහන් වන්නේ.

අත්අඩංගුවට ගත් සැකකරු 35 හැවිරිදි දෙහිවල ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන අතර, යුද හමුදාවෙන් පලා ආ පුද්ගලයෙක් බවද සඳහන්.

ඔහුගෙන් සිදුකළ වැඩිදුර ප්‍රශ්න කිරීම්වලදී වෙඩි තැබීම සඳහා යොදා ගත් රිවෝල්වර් වර්ගයේ ගිනි අවිය දෙහිවල ප්‍රදේශයේ පාළු නිවසක තිබී සොයා ගෙන ඇති බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.