වාහන ආන­ය­න­යෙන් බදු ආදා­යම දෙගුණ වෙයි

රුපි­යල් බිලි­යන 904ක ආදා­ය­මක්

වාහන 451,770ක් ආන­ය­නය කරලා

වාහන ආන­ය­න­යෙන් රුපි­යල් බිලි­යන 441ක ආදා­ය­මක් රජය බලා­පො­රොත්තු වුවත් මේ වන විට රුපි­යල් බිලි­යන 904ක ආදා­ය­මක් හිමි වී තිබේ.

වාහන ආන­ය­නය කිරී­මට අව­සර දීමෙන් පසුව මේ වන විට වාහන 451,770ක් ආන­ය­නය කර තිබෙන බව ආර්ථික සංව­ර්ධන නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත ජය­වීර මහතා පාර්ලි­මේ­න්තු­වේදී ඊයේ (20) අනා­ව­ර­ණය කළේය.

නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත ජයවීර මහතා මේ බව සඳ­හන් කළේ කළු­තර දිස්ත්‍රික් පාර්ලි­මේන්තු මන්ත්‍රී රෝහිත අබේ­ගු­ණ­ව­ර්ධන මහතා මතු කරන ලද ප්‍රශ්න­ය­කට පිළි­තුරු ලෙසය.

එලෙස ආන­ය­නය කර තිබෙන වාහන අතර ත්‍රිරෝද රථ 22,407ක් යතු­රු­පැදි 313,989ක් වන බව ද නියෝජ්‍ය අමා­ත්‍ය­ව­රයා පැවැ­සීය.

වාහන ආන­ය­නය කිරීම හේතු­වෙන් රුපි­යල් බිලි­යන 463ක අම­තර බදු ආදා­ය­මක් රජ­යට ලැබී ඇති අතර රජය අපේක්ෂා කර ඇති බදු ආදා­යම රුපි­යල් බිලි­යන 441ක් බවත් එසේ වුවද වාහන ආන­ය­නය තුළින් ලැබී තිබෙන බදු ආදා­යම රුපි­යල් බිලි­යන 904ක් බව ද නියෝජ්‍ය අමා­ත්‍ය­ව­රයා පැවැ­සීය.

එහිදී වැඩි­දු­ර­ටත් අද­හස් දැක්වූ නියෝජ්‍ය අමා­ත්‍ය­ව­රයා සඳ­හන් කළේ බදු ආදා­යම වර්ගී­ක­ර­ණය කිරී­මේදී රේගු අධි­භා­රය ලෙස රුපි­යල් බිලි­යන 66ක් අපේක්ෂා කර ඇති අතර ලැබී ඇති එම අධි­භා­රය රුපි­යල් බිලි­යන 147ක් බවයි. එමෙන්ම එකතු කළ අගය මත බද්ද ලෙස රුපි­යල් බිලි­යන 234ක් ලැබී ඇති අතර රජය අපේක්ෂා කර ඇති එම බද්ද රුපි­යල් බිලි­යන 132ක් වේ. නිෂ්පා­දන බද්ද ලෙස අපේක්ෂා කළ රුපි­යල් බිලි­යන 230 වෙනු­වට රුපි­යල් බිලි­යන 461ක් ලැබී ඇති බව ද නියෝජ්‍ය අමා­ත්‍ය­ව­රයා පැවැ­සීය. අපේ­ක්ෂිත හිමි­කම් ගාස්තු රුපි­යල් බිලි­යන 1ක් වූ නමුත් බිලි­යන 2ක් ලැබී තිබේ. සුඛෝ­ප­භෝගී බද්ද ලෙස රජය අපේක්ෂා කර ඇත්තේ රුපි­යල් බිලි­යන 10ක් වුවද එම බද්ද ලෙස රුපි­යල් බිලි­යන 55ක් ලැබී ඇති බව ද නියෝජ්‍ය අමා­ත්‍ය­ව­රයා ප්‍රකාශ කළේය. එමෙන්ම වරාය හා ගුව­න්තො­ටු­පළ බද්ද ලෙස රුපි­යල් බිලි­යන 2ක් අපේක්ෂා කර තිබෙන අතර බිලි­යන 4ක් ලැබී තිබේ.

ස්වර්ණා විජේ­කෝන්, මහින්ද අලු­ත්ගෙ­දර