රජය ඉදිරිපත් කළ රාජ්‍ය සේවක වැටුප් වර්ධකයෙන් 35%ක් මෙවර වැඩිකර ඇත. එය මෙම මස වැටුපට එක් කෙරෙන බව රාජ්‍ය පරිපාලන පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය ආචාර්ය චන්දන අබයරත්න මහතා පැවසීය.
අය-වැයෙන් වැඩි කළ විශ්‍රාම වැටුප් වැඩි කිරීම ද ලබන ජූනි මාසයේ සිට ක්‍රියාත්මක වීමට නියමිත බව ද අමාත්‍යවරයා කීය. 2026 අය-වැය යෝජනා අනුව, රාජ්‍ය අංශයේ වැටුප් සංශෝධනයේ දෙවැනි අදියර මෙලෙස ක්‍රියාත්මක කෙරේ. ඒ සඳහා රු. බිලියන 110ක ප්‍රතිපාදන වෙන්කර ඇත. මෙය 2025 දී ආරම්භ වූ වැටුප් සංශෝධනයේ දිගුවකි. සියලුම රාජ්‍ය සේවකයන්ට 2026 ජනවාරි මාසයේ වැටුපේ සිට මෙම වැඩි වීම් හිමි වන බව අමාත්‍යවරයා පැවසීය.
මෙම යෝජනා 2025 නොවැම්බර් 7 වැනි දින ඉදිරිපත් කරන ලද 2026 අය-වැය යෝජනා අතර විය. රාජ්‍ය අංශයේ අවම වැටුප රුපියල් 40,000 දක්වා වැඩි කිරීමට මෙමඟින් යෝජනා වූ අතර 2027 ජනවාරි මාසයේ වැටුප් වර්ධකයේ ඉතිරි කොටස ගෙවීමට නියමිතය. විශ්‍රාම වැටුප් සංශෝධන දෙවැනි අදියරේදී 2020ට පෙර විශ්‍රාම ලැබූවන්ගේ විශ්‍රාම වැටුප් 2019 වසරේ විශ්‍රාම වැටුප් ව්‍යූහය මත පදනම්ව සංශෝධනය කෙරේ. මෙම සංශෝධිත වැටුප 2026 ජූනි මාසයේ සිට ගෙවීම සඳහා රුපියල් මිලියන 20,000ක මුදලක් අය-වැය යෝජනා මඟින් වෙන්කර තිබේ.
නෙරංජලා වික්‍රමසිංහ








