01 ශ්‍රේණි­යේ අධ්‍යා­පන ප්‍රති­සං­ස්ක­රණ ජන­වාරි 29 සිට

2026 වර්ෂයේ දී 01 ශ්‍රේණි­යට ක්‍රියා­ත්මක කිරී­මට යෝජිත නව අධ්‍යා­පන ප්‍රති­සං­ස්ක­ර­ණ­ව­ලට අදාළ විෂය මාලාවේ විධි­මත් අධ්‍ය­යන කට­යුතු පෙර උප­දෙස් ලබා­දුන් පරි­දිම 2026 ජන­වාරි 29 දින ආරම්භ කරන බව විශේෂ නිවේ­ද­න­යක් නිකුත් කර­මින් අධ්‍යා­පන, උසස් අධ්‍යා­පන හා වෘත්තීය අධ්‍යා­පන අමා­ත්‍යාංශ ලේකම් නාලක කලු­වැව මහතා දැනුම් දෙයි. 2026 ජන­වාරි 21 වැනිදා සිට ආරම්භ වන පාසල් අධ්‍යා­පන කට­යුතු සම්බ­න්ධ­යෙන් මෙම විශේෂ නිවේ­ද­නයේ සඳ­හන් වන අතර මේ සම්බ­න්ධ­යෙන් වන චක්‍ර­ලේ­ඛය ඉක්ම­නින්ම නිකුත් කරන බව ද ලේක­ම්ව­රයා ප්‍රකාශ කරයි. 6 ශ්‍රේණිය සඳහා හඳු­න්වා­දී­මට නිය­මිත නව විෂය නිර්දේ­ශය ක්‍රියා­ත්මක කිරීම 2027 වර්ෂය දක්වා කල් දැමීම, 2026 වසර තුළ 6 ශ්‍රේණියේ සිට 13 ශ්‍රේණිය දක්වා, දෛනික කාල පරි­ච්ඡේද සංඛ්‍යාව අටක් (08) ලෙස සංශෝ­ධ­නය කළ යුතු අතර, එක් කාල­ච්ඡේ­ද­යක් විනාඩි 40ක් විය යුතු අතර ඒ අනුව, පෙර වස­ර­වල ක්‍රියා­ත්මක වූ ආකා­ර­ය­ටම කාල­ස­ට­හන් සකස් කළ යුතු බව ද එම නිවේ­ද­නයේ සඳ­හන් ය. 6 ශ්‍රේණිය සඳහා පෙර වර්ෂ­ව­ලදී ක්‍රියා­ත්මක වූ විෂය නිර්දේ­ශ­යම 2026 වර්ෂය සඳහා ද ක්‍රියා­ත්මක කිරීම, 6 ශ්‍රේණිය සඳහා පසු­ගිය වසරේ සිසුන් භාවිත කළ පෙළ­පොත් ප්‍රධාන වශ­යෙන්ම භාවි­ත­යට ගනි­මින් අධ්‍යා­පන කට­යුතු සිදු කළ යුතු බව, පසු­ගිය වසරේ භාවිත කළ පෙළ­පොත් සිසුන් වෙතින් එකතු කර, ඒවා නැවත 6 ශ්‍රේණියේ සිසුන් වෙත බෙදා­හැ­රීම සම්බන්ධ උප­දෙස් සියලු විදු­හ­ල්ප­ති­ව­රුන් වෙත නිකුත් කිරීම ආදිය නිවේ­ද­නයේ ඇතු­ළත් ය.

අවශ්‍ය වන ප්‍රමා­ණ­යට පම­ණක් නව පෙළ­පොත් හැකි ඉක්ම­නින් මුද්‍ර­ණය කර බෙදා­හැ­රී­මට අවශ්‍ය පිය­වර ගත යුතු බව, 2026 වස­රේදී 6 ශ්‍රේණිය සඳහා භාවිත කළ යුතු පෙළ­පොත් සඳහා අදාළ මෘදු පිට­පත්, අධ්‍යා­පන අමා­ත්‍යාං­ශයේ ‘e-තක්ස­ලාව’ වෙබ් අඩ­විය හරහා ප්‍රසිද්ධ කිරීම, නව ප්‍රති­සං­ස්ක­ර­ණ­යන්ට අදාළ මොඩි­යුල පිළි­බඳ නියමු ව්‍යාපෘ­ති­යක් මෙම වසරේ දී පළාත් කිහි­ප­යක ක්‍රියා­ත්මක කිරී­මට යෝජිත අතර, ඒ පිළි­බඳ විස්තර පසුව දැනුම් දෙන බව, 6 ශ්‍රේණිය සඳහා පිළි­යෙල කරනු ලැබ ඇති මොඩි­යුල නැවත සමා­ලෝ­ච­නය කර ඉදිරි වර්ෂයේ දී සුදුසු පරිදි භාවිත කිරී­මට ද නිය­මි­තය. නව අධ්‍යා­පන ප්‍රති­සං­ස්ක­ර­ණ­යන්ට අදාළ ගුරු පුහුණු කට­යුතු 2026 වසර පුරා අඛ­ණ්ඩව ක්‍රියා­ත්මක කිරීම, නව අධ්‍යා­පන ප්‍රති­සං­ස්ක­රණ යටතේ ක්‍රියා­ත්මක කිරී­මට යෝජිත මානව සම්පත් සංව­ර්ධ­නය, යටි­තල පහ­සු­කම් සංව­ර්ධ­නය, පරි­පා­ලන සංශෝ­ධන හා තක්සේරු ක්‍රියා­ව­ලිය වැඩි­දි­යුණු කිරීම සහ පුළුල් මහ­ජන දැනු­ම්වත් කිරීම් ප්‍රවේශ 2026 වස­රේදී අඛ­ණ්ඩව ක්‍රියා­වට නැංවේ.

යෝජිත නව අධ්‍යා­පන ප්‍රති­සං­ස්ක­ර­ණ­යන්ට අදා­ළව මෙතෙක් සකස් කර ඇති සංකල්ප පත්‍රි­කාව, විෂ­ය­මාලා රාමුව සහ සියලු මොඩි­යුල, විවෘත හා පුළුල් මහ­ජන සංවා­ද­යක් සඳහා මහ­ජ­න­තාව වෙත විවෘත කිරීම යනාදී කාරණා මෙම නිවේ­ද­නය තුළ ඇතු­ළත් ය.

නව අධ්‍යා­පන ප්‍රති­සං­ස්ක­රණ ක්‍රියා­ව­ලිය සම්බ­න්ධ­යෙන් අධ්‍යා­පන, උසස් අධ්‍යා­පන සහ වෘත්තීය අධ්‍යා­පන අමා­ත්‍යාං­ශය වෙතින් ලබා දෙන උප­දෙස් හා මඟ­පෙ­න්වීම අනුව ගුරු පුහු­ණුව ඇතුළු සියලු කට­යුතු කැප­වී­මෙන් සංවි­ධාන කළ පළාත්, කලාප අධ්‍යා­පන බල­ධා­රීන් සහ සිය­ලුම විදු­හ­ල්ප­ති­ව­රුන්, ගුරු­ව­රුන් ඇතුළු නිල­ධා­රීන්ගේ කැප­වීම අගය කරන බවත් නව අධ්‍යා­පන ප්‍රති­සං­ස්ක­රණ සාර්ථක කර­ගැ­නී­මට තව­දු­ර­ටත් සහාය අපේක්ෂා කරන බවත් මෙම නිවේ­ද­න­යෙන් දැනුම් දෙයි.

සන්ධ්‍යා කරු­ණා­රත්න