තිළිණි පියු­මා­ලිට වරෙන්තු

හෝමා­ගම මහේ­ස්ත්‍රාත් අධි­ක­ර­ණයේ විභාග වන නඩු­ව­කට පෙරේදා (12) පෙනී නොසි­ටීම හේතු­වෙන් වැඩ­බ­ලන මහේ­ස්ත්‍රාත් පද්ම­සිරි ජය­ව­ර්ධන මහතා විසින් ව්‍යාපා­රිකා තිළිණි පියු­මා­ලිට වරෙන්තු නිකුත් කිරී­මට නියෝග කෙරිණි.

හෝමා­ගම අධි­ක­ර­ණයේ පැවැති නඩු කට­යු­ත්ත­කට පැමිණි අව­ස්ථා­වේදී එහි දිසා අධි­ක­ර­ණයේ සිතාසි නිකුත් කර­න්නාට බැණ තර්ජ­නය කිරීම හා රාජ­කා­රි­යට බාධා කිරීමේ චෝදනා යටතේ පෙරේදා (12) මේ නඩුව කැඳවා තිබිණි.

එහෙත් විත්ති­කාර තිළිණි පියු­මාලි මහ­ත්මිය එම නඩු කට­යුත්ත සඳහා සහ­භාගි නොවීම හේතු­වෙන් මෙසේ වරෙන්තු නිකුත් කර තිබේ. මෙම නඩුව සඳහා තිළිණි පියු­මාලි වෙනු­වෙන් කිසිදු නීති­ඥ­යකු ඉදි­රි­පත් වී නොසිටි අතර වැඩ­බ­ලන මහේ­ස්ත්‍රාත් පද්ම­සිරි ජය­ව­ර්ධන මහතා නියෝග කළේ එම නඩුව යළි ජුනි 15දා කැඳ­වන ලෙස­ටයි.

කොට්ටාව සමූහ – ප්‍රදීප් කුමාර