පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප අහෝසි කිරීමේ පනත් කෙටුම්පත පිළිබඳ විවාදය පෙබරවාරි මාසයේදී පැවැත්වීමෙන් පසුව සම්මත කිරීමට සැලසුම් කර ඇත. මීට අදාළ පනත් කෙටුම්පත අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතා විසින් පසුගිය 06 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබීය. ඒ අනුව මෙම පනත් කෙටුමිපත සඳහා විරෝධය දක්වන පිරිසට නීතිමය ක්‍රියාමාර්ග ගැනීම සඳහා සති දෙකක කාලයක් ලබාදී තිබේ.
මෙම පනත් කෙටුම්පත සම්මත වීමෙන් පසු විශ්‍රාමික පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 512 දෙනකුගේ (කලත්‍රයන් ද ඇතුළුව) විශ්‍රාම වැටුප අහෝසි වන අතර ඉදිරියේදී විශ්‍රාම යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ද පනත් කෙටුම්පත අනුව විශ්‍රාම වැටුප් හිමිකම අහෝසි වේ.
ස්වර්ණා විජේකෝන්, මහින්ද අලුත්ගෙදර,
සන්ධ්‍යා කරුණාරත්න








