අධ්‍යා­පන ප්‍රති­සං­ස්ක­රණ විකෘති කළ අය අපි සොයා ගන්න ඕනෑ

අප සෙවිය යුත්තේ අධ්‍යා­පන ප්‍රති­සං­ස්ක­ර­ණයේ නාම­යෙන් විකෘ­තිය ඇති කළ අය මිස එක් එක් අයගේ පෞද්ග­ලික ජීවිත ගැන නොවේ යැයි විපක්ෂ නායක සජිත් ප්‍රේම­දාස මහතා පැව­සීය.

සමගි ජන බල­වේ­ගය විසින් ක්‍රියා­ත්මක කරන හුස්ම වැඩ­ස­ට­හන යටතේ කොලොන්න මැති­ව­රණ කොට්ඨා­සයේ කොලොන්න මූලික රෝහ­ලට රුපි­යල් ලක්ෂ 28ක් වටිනා රෝහල් උප­ක­රණ ලබා­දීමේ අව­ස්ථා­වට එක්වෙ­මින් විපක්ෂ නාය­ක­ව­රයා මේ බව පැව­සීය.

අද රටේ ලොකුම මාතෘ­කාව බවට අධ්‍යා­ප­නය පත්වී ඇති බවත් අධ්‍යා­ප­නය රටේ ලොකුම මාතෘ­කාව විය යුත්තේ හොඳ තීන්දු තීරණ ගැනී­මට අදා­ළව බවත් හෙතෙම කීවේය.

මේ මොහොත වන විට අධ්‍යා­පන ක්ෂේත්‍රයේ බර­ප­තළ අඩු­පා­ඩු­කම් ඌනතා නිර්මා­ණය වී විෂ­මා­චාරී තැනට අධ්‍යා­ප­නය පත් වී අධ්‍යා­ප­න­යට අස­භ්‍ය­ක­ර­ණය එක් වී ඇති බවත් විපක්ෂ නාය­ක­ව­රයා පැව­සීය. විපක්ෂ නාය­ක­ව­රයා වැඩි­දු­ර­ටත් මෙසේද පැව­සීය.

මේ ප්‍රති­සං­ස්ක­රණ තුළ විධි­මත් සාක­ච්ඡා­වක් සිදු නොකර power point presentation එකක් පම­ණක් සිදු කර ක්‍රියා­ත්මක කර බර­ප­තළ ලෙස අස­භ්‍ය­ක­ර­ණ­යට ලක් වූ අධ්‍යා­පන ප්‍රති­සං­ස්ක­රණ තුළ හත­ළිස් එක්ල­ක්ෂ­යක් දූද­රු­වන්ගේ මනස විකෘති කරන දූෂ­ණය කරන තැනට නිර්මා­ණය කර තිබෙ­නවා. මේ සම්බ­න්ධ­යෙන් විප­ක්ෂ­යක් ලෙස සමගි ජන බල­වේ­ග­යට විවේ­චන තිබෙ­නවා. ප්‍රති­සං­ස්ක­රණ සිදු­විය යුත්තේ ඉංග්‍රීසි භාෂා අධ්‍යා­ප­නය STEAM අධ්‍යා­ප­නය ආශ්‍රි­තව මෙන්ම ඉති­හා­සය ඇතු­ළත් සම­බර ක්‍රම­වේ­ද­ය­කට. මේ විකෘ­ති­යට වග­කිව යුතු අය පෙන්වා දිය යුතුයි. වග­කීම මෙන්ම වග­වීම ගැන කතා කළ යුතු වුවත් මේ අව­ස්ථාවේ පුද්ග­ලික ජීවිත කේන්ද්‍ර කර­ගෙන අසභ්‍ය දේවල් කතා කරන අය සිටි­නවා. අසභ්‍ය දේවල් කතා කර මේ අධ්‍යා­පන ප්‍රති­සං­ස්ක­රණ වෙනත් පැත්ත­කට ගෙන යාම නතර කළ යුතුයි. අධ්‍යා­පන ප්‍රති­සං­ස්ක­රණ හරහා විශාල කුම­න්ත්‍ර­ණ­යක් සිදුව ඇති නිසා මේ සම්බ­න්ධ­යෙන් අධ්‍යා­පන ඇමැ­ති­නිය ප්‍රමුඛ රජය වග­කිව යුතුයි.

නිද­හස් අධ්‍යා­ප­නය ලබන හත­ළි­ස්ල­ක්ෂ­යක් දූද­රු­වන් විකෘති කරන්න නිද­හස් අධ්‍යා­ප­නය අස­භ්‍ය­ක­ර­ණ­යට වග­කි­ව­යුතු අය කවුද කියා හෙළි කළ යුතුයි. මේවාට විධි­මත් උත්තර දිය යුතුයි. නිල­ධා­රීන්ගේ කර­පිට වරද පටවා රජ­යට බේරී­මට නොහැ­කියි. මේ විකෘ­ති­යට සැබෑ ලෙස වග­කි­ව­යුතු අය හෙළි­ද­රව් කළ යුතුයි.

රක්ෂණ ශ්‍රියන්ත