මර්වින්ට එරෙහි නඩුව මාර්තු මස 27ට කල් යයි

කිරි­බ­ත්ගොඩ නග­රයේ රජයේ ඉඩ­ම­කට කූට ලේඛන සැක­සීමේ චෝද­නාව සම්බ­න්ධ­යෙන් සැක­පිට අත්අ­ඩං­ගු­වට ගෙන ඇප මත මුදා­හැර සිටින හිටපු ඇමැති මර්වින් සිල්වා හා හිටපු නියෝජ්‍ය ඇමැති ප්‍රසන්න රණ­වීර යන දෙදෙනා ඇතුළු හය­දෙ­නෙ­කුට එරෙ­හිව ගම්පහ මහා­ධි­ක­ර­ණය අංක 02 විභාග වන නඩුවේ වැඩි­දුර විම­සීම මහා­ධි­ක­රණ විනි­සුරු නයනා සෙනෙ­වි­රත්න මහ­ත්මිය විසින් මාර්තු මස 27 වැන දිනට කල් තැබු­වාය.

ඊයේ 12දා එම නඩුව කැඳවූ අව­ස්ථා­වේදී පෙර දැනු­ම්දී­ම­කට අනුව හිටපු අමාත්‍ය මර්වින් සිල්වා මහතා අධි­ක­රණ හමුවේ පෙනී නොසි­ටි­යේය.

හිටපු නියෝජ්‍ය ඇමැති ප්‍රසන්න රණ­වීර මහ­තාට නොතීසි නිකුත් කරන ලෙසට විනි­සු­රු­ව­රිය නියෝග කළාය.

මෙදින සැක­ක­රු­වන් හට නීති­ප­ති­ව­ර­යාගේ නිය­මය පරිදි අධි­චෝ­දනා භාර­දී­මට නිය­ම­තව තිබු­ණත් සැක­ක­රු­වන් සියලු දෙනාම අධි­ක­ර­ණයේ පෙනී නොසි­ටීම හේතු­ක­ර­ගෙන ඊළඟ නඩු දින­යේදී අධි චෝදනා භාර­දී­මට නිය­මි­තය.

නවීන් අබේ­කෝන්, ජයන්ත කබ්රාල්, සරත් ඉදි­රි­සිංහ හා මෙල්රෝයි පෙරේරා යන සැක­ක­රු­වන් මෙදින අධි­ක­ර­ණයේ හමුවේ පෙනී සිටි අතර, ඔවුන්ම පෙර ඇප මත මුදා­හ­රින ලෙස ද විනි­සු­රු­ව­රිය නියම කළාය.

නලින් දිසා­නා­යක, නෙවිල් අබේ­රත්න යන ජනා­ධි­පති නීති­ඥ­ව­රුන් සමඟ දේශාන් පෝල්, සඳුන් රණ­සිංහ, පණ්ඩුල සඳ­රු­වන්, අසංක දයා­රත්න යන නීති­ඥ­ව­රුන් විත්ති පාර්ශ්වය වෙනු­වෙන් පෙනී සිටි­යහ.

ගම්පහ අධි­ක­රණ- උපාලි රණ­වීර