හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පදවි ප්‍රාප්තිය වෙනුවෙන් 2012දී අනුරාධපුර ඔයාමඩුව හා 2013දී අම්පාර හාඩි විද්‍යාලයේ පැවැත් වූ දැයට කිරුළ ප්‍රදර්ශනය සඳහා මිලියන 700කට ආසන්න මුදලක් වැය කිරීම සම්බන්ධයෙන් අල්ලස් කොමිසම හමුවේ අල්ලස දූෂණය නාස්තියට එරෙහි පුරවැසි බලය සංවිධානය ඊයේ (12) පැමිණිල්ලක් සිදු කළේය. එම මුදල වංචා කර දූෂණය කිරීම පිළිබඳ විධිමත් පරීක්ෂණයක් කර රටට හෙළි කරන ලෙස එම සංවිධානය අල්ලස් කොමිසමට පැමිණිල්ල ඉදිරිපත් කරමින් ඉල්ලා තිබේ.
ඊයේ පෙරවරුවේ අල්ලස් කොමිසම වෙත ගිය එම සංවිධානයේ සාමාජිකයන් විසින් මෙම පැමිණිල්ල බාර දෙනු ලැබීය.








