තැන තැන රිය අනතුරුවලින් අටක් මරුට

දිව­යිනේ විවිධ ප්‍රදේ­ශ­වල ඊයේ (12) සිදුවූ මාරක රිය අන­තු­රු­ව­ලින් පුද්ග­ල­යන් 8 දෙනෙකු මිය­ගොස් තවත් පුද්ග­ල­යන් 8 දෙනෙකු බර­ප­තළ තුවාල ලබා ඇති බව පොලී­සිය පැව­සීය.

කිළි­නො­ච්චිය පොලිස් වසමේ පර­න්තන් මුල­තිව් ප්‍රධාන මාර්ගයේ මුර­සු­මො­ටෙයි ප්‍රදේ­ශ­යේදී සිදුවූ රිය අන­තු­ර­කින් පුද්ග­ල­යින් සිව්දෙ­නෙකු ඊයේ (12) සවස මිය ගොස් තිබේ. එම අන­තුර සිදුව තිබුණේ බස් රථ­යක් සහ මෝටර් රථ­යක් මුහු­ණට මුහුණ ගැටී­මෙන් බව පොලිස් මාධ්‍ය කොට්ඨා­සය සඳ­හන් කරයි. අන­තුර සිදු­වන අව­ස්ථාවේ මෝටර් රථයේ පුද්ග­ල­යන් පස් දෙනෙකු සිට ඇති අතර ඉන් සිව්දෙ­නෙකු මෙලෙස මිය­ගොස් ඇත.

මේ අතර පුත්ත­ලම කොළඹ ප්‍රධාන මාර්ගයේ මුන්ද­ලම නව­ද­න්කු­ලම ප්‍රදේ­ශ­යේදී ඊයේ (12) උදෑ­සන සිදුවූ අන­තු­ර­කින් පුද්ග­ල­යින් තිදෙ­නකු ජීවි­ත­ක්ෂ­යට පත්ව තිබේ.

මෝටර් රථ­යක් සහ වෑන් රථ­යක් එකි­නෙක ගැටී­මෙන් මෙම අන­තුර සිදුව ඇති අතර සිද්ධි­යෙන් මෝටර් රථයේ ගමන් කළ වයස අවු­රුදු 26, 58 සහ 84 වය­ස්වල පසු­වන කුරණ හා ජා-ඇළ ප්‍රදේ­ශයේ පදිංචි කාන්තා­වන් දෙදෙ­නකු සහ පිරිමි පුද්ග­ල­යෙකු ජීවි­ත­ක්ෂ­යට පත්ව ඇත. අන­තු­රින් තුවාල ලැබූ පුද්ග­ල­යෙකු හලා­වත රෝහල වෙත ඇතු­ළත් කර ඇති බව ද පොලී­සිය පැව­සීය.

රක්ෂණ ශ්‍රියන්ත, පුත්ත­ලම අති­රේක – හිරාන් ප්‍රියං­කර ජය­සිංහ, වනා­ත­වි­ල්ලුව සමූහ – කේ. ප්‍රියං­කර කළු­ප­හන