මෙරට උසස් පෙළ සමත් තරුණ තරුණියන්ට වාර්ෂිකව ජපානයේ රැකියා අවස්ථා 10,000ක් ලබාදීමට ජපානයේ ප්රමුඛ පෙළේ ව්‍යවසායකයකු කැමැත්ත පළ කර ඇති අතර, ඊට අදාළව අවබෝධතා ගිවිසුමට ද පසුගියදා අත්සන් කෙරිණි. ශ්‍රී ලංකා විදේශ ඇමැතිවරයාට සහ රජයට ප්‍රශංසා කරමින් වාර්ෂිකව මේ රැකියා අවස්ථා 10,000ක් පිරිනැමීමට තීරණය ඇත.
උසස් පෙළ දක්වා අධ්‍යාපනය ලැබූ තරුණ පිරිස් මේ සඳහා තෝරා ගැනෙන අතර, අදාළ ගිවිසුම සඳහා කැබිනට් මණ්ඩල අනුමැතිය ද හිමිව තිබේ.
එහිදී ශ්‍රී ලංකා රජය සහ විදේශ කටයුතු ඇමැති විජිත හේරත් මහතා විසින් මේ කර්තව්‍ය සම්බන්ධයෙන් සිදු කරන්නාවූ කටයුතු හා දක්වන්නා වූ සහයෝගය ද ජපන් දූත පිරිසේ අතිශය ප්‍රශංසාවට ලක්විය.
ඊට අදාළ අවබෝධතා ගිවිසුමට පසුගියදා ජපානයේ එන්ටර්ප්‍රයිසස් යුනයිටඩ් කෝපරේටිව් ආයතනය සහ ශ්‍රී ලංකා විදේශ රැකියා ඒජන්සිය අතර අත්සන් තැබීය.
ඒ සඳහා ජපානය වෙනුවෙන් යුනයිටඩ් කෝපරේටිව් ආයතනයේ සභාපති කසුහිරෝ හන්සාකි සහ ශ්‍රී ලංකා විදේශ රැකියා ඒජන්සි ආයතනයේ සභාපති ලාල් හෙට්ටිආරච්චි මහත්වරුන් එක්ව සිටි අතර,
ශ්‍රී ලාංකික තරුණ තරුණියන්ට රැකියා අවස්ථා පුළුල් කෙරෙන මේ අවස්ථාව ගැන විදේශ කටයුතු ඇමැති විජිත හේරත් මහතා සිදු කළ කාර්යභාරය මෙහිදී ජපාන නියෝජිතයන්ගේ විශේෂ පැසසුමකට ලක්විය.
එහදී ජපානයේ එන්ටර්ප්රයිස් යුනයිටඩ් කෝපරේටිව් සමාගමේ සභාපති කසුහිරෝ හන්සාකි මහතා මෙලෙස කියා සිටියේය.
“විශේෂයෙන් විදේශ ඇමැතිවරයා විසින් ප්‍රදර්ශනය කරන ලද සරල බව, කැපවීම, විනිවිදභාවය සහ දේශප්‍රේමය ගැන මා සැබවින්ම මවිතයට පත් වුණා. ඇමැතිවරයා හමු වූ විට එවැනි මහත්මයකු මා කිසි විටෙකත් අපේක්ෂා කළේ නෑ. ඔහු ශ්‍රී ලංකාව ආඩම්බරයට පත් කර තිබෙනවා. ශ්‍රී ලංකාවේ මේ ධනාත්මක දේශපාලන සංස්කෘතික වෙනස ගැන මා මගේ සෙසු ජපන් ව්‍යාපාරිකයන්ටත් කියා සිටිනවා. ඒ වගේම ලංකාවට පැමිණ ආයෝජනය කිරීමට ඔවුන් දිරිමත් කරනවා. දශක ගණනාවක් පුරා ජපන් ජනතාව ශ්‍රී ලංකාවෙන් සහ එහි නායකත්වයෙන් අපේක්ෂා කළේ මෙයයි.”
ජාතික තරුණ සේවා සභාව, ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරිය, ජාතික ආධුනික සහ කාර්මික පුහුණුකිරීම් අධිකාරිය සහ ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ රැකියා බැංකුවේ ලියාපදිංචි, සුදුසුකම් ලත් පිරිස් මේ සඳහා තෝරා ගැනීමට නියමිතයි.
ඔවුන් වයස අවුරුදු 20ත් 28ත් අතර විය යුතුය. අ.පො.ස. (උසස්/පෙළ) දක්වා අධ්‍යාපනය ලබා තිබීම අනිවාර්ය වේ. අයැදුම්කරුවන් ජපන් භාෂාව හදාරා තිබීම අමතර සුදුසුකමක් ලෙස සැලකෙන අතර, මේ සඳහා සියලු බඳවා ගැනීම් ශ්‍රී ලංකා විදේශ රැකියා ඒජන්සියෙන් සිදු කරයි.
මහින්ද අලුත්ගෙදර








