උතුරු දුම්රිය මාර්ගය ඉන්දියානු ආධාර යටතේ නවීකරණය කිරීමට මාස 2ක කාලයක් දුම්රිය මාර්ගය වසා තැබීමට සිදු වන බව දුම්රිය සමාන්‍යාධිකාරී රවීන්ද්‍ර පත්මප්‍රිය මහතා පවසයි.
දිට්වා සුළි කුණාටුවෙන් හානියට පත් උතුරු දුම්රිය මාර්ගය සකස් කරමින් සිටියදී අයහපත් කාලගුණය හේතුවෙන් යළිත් වරක් හානියට පත්විය. ඊයේ (11) සිට උතුරු දුම්රිය මාර්ගයේ නවීකරණ කටයුතු ආරම්භ කර තිබේ. මෙම මාර්ගය මහව සිට නවීකරණ කටයුතු සඳහා වසා තැබීමට නියමිත අතර, පැරණි පාලම් පහක් අලුතින් සෑදීමට ඇති බව ද පැවසුවේය.
ඉන්දියානු ණය ආධාර යටතේ මේ සියල්ල නවිකරණය කර කොළඹ සිට කන්කසන්තුරේ දක්වා යාල්දේවී ශීඝ්‍රගාමි දුම්රිය නියමිත වේග සීමාවට ධාවනය කිරීමට පියවර ගත යුතුයි. මහව ඕමන්ත අතර දුම්රිය මාර්ගය සකස් කොට තිබෙන දුම්රිය පාලම් සකස් කොට යළිත් විනාස වූ දුම්රිය මාර්ගය සකස් කිරීමෙන් පසු රාත්‍රි දුම්රිය ධාවනය කිරීමට කටයුතු කිරීමට නියමිත බව ද පැවසුවේය.
දිට්වා සුළි කුණාටුවෙන් පසු මේ වන විට දිනකට ලක්ෂ 3ක් පමණ දුම්රියෙන් ගමන් කිරීමට පටන්ගෙත තිබේ. නමුත් ජනතාව අපහසුතාවන්ට පන් නොවන ආකාරයට දුම්රිය ධාවනය කළ යුතුය. ගමන් බිමන් යෑමට උතුරු දුම්රිය නියමිත අයුරින් ධාවනය කිරීමට නොහැකි වීම හේතුවෙන් උතුරේ ජනතාව තාමත් ඉන්නේ දුකෙනි.
මෙවර දිට්වා සුළි කුණාටුවෙන් විනාස වු කැලණිවැලි මාර්ගය, පුත්තලම මාර්ගය, උතුරු මාර්ගය, උඩරට මාර්ගය සකස් කිරීමට රුපියල් මිලියන 340ක පමණ මුදලක් වැය වන බවට ගණන් බලා තිබේ.
දැනට පුත්තලම මාර්ගයේ හලාවත දක්වා දුම්රිය ධාවනය කිරීමට පියවර ගෙන තිබෙනවා. උඩරට මාර්ගයේදී ප්‍රධානම ගැටලුව තිබෙන්නේ පේරාදෙණිය පාලමයි.
දැනට තිබෙන පාලම තාවකාලිකව දුම්රිය ධාවනයට සකස් කොට ඉදිරියේදී වෙනත් පාලමක් ඉදිකිරීමට පියවර ගන්නා බව ද පැවසීය. ඒ අනුව රඹුක්කන සිට මහනුවර දක්වා දුම්රිය ධාවනය කිරීමට පියවර ගත්නා බව ද දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා පැවසුවේය.
ඉන්ධන හා පිටි ප්‍රවාහන නිසියාකාරව සිදු කෙරේ. නමුත් රාත්‍රි කාලයේ දුම්රිය ධාවනය තාමත් ආරම්භ කර නොමැත. දුම්රිය මාර්ග නිසියාකාරයෙන් සකස් කිරීමෙන් පසු රාත්‍රි දුම්රිය ධාවනය කිරීමට පියවර ගන්නා බව ද රවින්ද්‍ර පත්මප්‍රිය මහතා පවසයි.
නිමල් රාජපක්ෂ








