පුත්තලම – කොළඹ ප්රධාන මාර්ගයේ මුන්දලම, නවදන්කුලම ප්රදේශයේ අද (12) උදෑසන සිදු වූ අනතුරකින් පුද්ගලයින් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
මෝටර් රථයක් සහ වෑන් රථයක් එකිනෙක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි පොලීසිය සඳහන් කළේ.
සිද්ධියෙන් මෝටර් රථයේ ගමන් කළ කාන්තාවන් දෙදෙනෙකු සහ පිරිමි පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර, අනතුරින් තුවාල ලැබූ තවත් පුද්ගලයෙකු හලාවත රෝහල වෙත ඇතුළත් කර ඇති බවයි සඳහන් වන්නේ.
සිද්ධිය සම්බන්ධයෙන් මුන්දලම පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරනවා.









