වෑන් යතුරුපැදි අනතුරෙන් දෙදෙනෙක් රෝහලේ

වෑන් රථයක් සහ යතුරුපැදියක් එකිනෙක ගැටී බේරුවල මාගල්කන්ද ප්‍රදේශයේදී අද (10) පස්වරුවේ වූ අනතුරකින් දෙදෙනෙකු තුවාල ලබා ඇතැයි බේරුවල පොලිසිය පවසනවා.

තුවාල ලැබූ යතුරුපැදිකරු හා වෑන් රථ රියැදුරු නාගොඩ රෝහලට ඇතුළත් කර තිබෙනවා.

යතුරුපැදිකරු කළුතර සිට බේරුවල දෙසට පැමිණෙමින් සිටියදී බේරුවල සිට කොළඹ දෙසට ධාවනය කළ වෑන් රථයේ ගැටී තිබෙන බවයි පොලිසිය සඳහන් කළේ.

එහිදී පාලනය කරගත නොහැකි වූ වෑන් රථය යතුරුපැදිකරුගේ හප්පවා ඉදිරියේ තිබූ බැම්මකද ගැටී පෙරලී තිබෙන බවයි පොලිසිය පැවසුවේ.

සිද්ධිය සම්බන්ධයෙන් බේරුවල පොලිසිය පරීක්ෂණ පවත්වනවා.