පුල්මුඩේ පොලිස් වසමේ මහසෙන්පුර ප්‍රදේශයේ ඇල මාර්ගයකට යතුරු පැදියක් වැටී එහි පැදිකරු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
මෙසේ ජීවිතක්ෂයට පත්ව ඇත්තේ අවුරුදු 64 ක් වූ කොලොංගොල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
මහේස්ත්‍රාත් පරීක්ෂණයෙන් පසු මෘත ශරීරය පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා මූතූර් රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර පුල්මුඩේ පොලිස් ස්ථානය විසින් වැඩිදුර විමර්ශන සිදු කර ගෙන යනු ලබනවා.








