සිරිපා වන්දනා සමය ඇරඹෙයි

මෙවර සිරිපා වන්දනා සමය අදින් (04) ආරම්භ වෙයි.

අදින් ආරම්භ වන සිරිපා වන්දනා සමය ලබන වසරේ වෙසක් පොහොය දිනය දක්වා ක්‍රියාත්මක ය.

2025 – 2026 සිරිපා වන්දනා වාරය ආරම්භය සනිටුහන් කරමින් ශ්‍රී සුමන සමන් දේව ප්‍රතිමාව සිරිපා මලුව වෙත වැඩම කරවීම ඊයේ (03) අලුයම පැල්මඩුල්ල ගල්පොත්තාවල රාජමහා විහාරයේ සිට සිදුකෙරුණි.

ඒ ශ්‍රීපාදස්ථානාධිපති පූජ්‍ය බෙංගමුවේ ධම්මදින්න නායක ස්වාමීන් වහන්සේගේ අනුශාසකත්වයෙනි.