පොලී රහිත ශිෂ්‍ය ණය යෝජනා ක්‍රමයේ 10 වන අදියර සඳහා අයදුම්පත් කැඳවීමේ කාල සීමාව දීර්ඝ කෙරේ

පොලී රහිත ශිෂ්‍ය ණය යෝජනා ක්‍රමයේ 10 වන අදියර සඳහා අයදුම්පත් කැඳවීම කාලය දීර්ඝ ‍කිරීමට පියවර ගෙන තිබෙනවා.

දරුවන්ගෙන් පැමිණි ඉල්ලීම් සලකා බලා, පවතින අයහපත් කාළගුණ තත්ත්වය ද සැලකිල්ලට මෙම පියවර ගෙන ඇති බවයි සඳහන් වෙන්නේ.

ඒ අනුව, අයදුම්පත් කැඳවීමේ කාලය දෙසැම්බර් 15 දක්වා දීර්ඝ කිරීම සිදු කරන බව අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කර සිටිනවා.

අදාළ නිවේදනය පහතින්.

 news images