පැවති අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් දිවයින පුරා පැවති ජල පොම්පාගාර 343න් 156කට අර්ධ හෝ පුර්ණ හානි සිදුව ඇතැයි ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.
එම මණ්ඩලයේ සභාපති, චන්දන බණ්ඩාර මහතා පවසා සිටියේ, මේ වනවිට එම ජල පොම්පාගාරවලින් 126ක් යථා තත්ත්වයට පත්කර ඇති බවය.
තවත් ජල පොම්පාගාර 30ක් පමණ සකස් කරමින් පවතින බව ද පැවසු ඒ මහතා, මීවතුර ජල පොම්පාගාරය අද දිනය තුළ ක්රියාත්මක කිරීමට බලාපොරොත්තු වන බවද පැවසීය.
එය ක්රියාත්මක කිරීමෙන් පිළිමතලාවට සහ ගෙලිඔය ජල සැපයුම ලබාදිය හැකි බවත් පැවසු ඒ මහතා මහනුවර ජල සම්පාදන ක්රියාවලිය මේ වනවිට ආරම්භ කර ඇතැයි ද කියා සිටියේය.
එහෙත් එම ජල සැපයුම නගර සීමාව අර්ධ පරිමාණයෙන් ලබාදෙන බවත් මහනුවර සහ පේරාදෙණිය රෝහල්වලට සම්පූර්ණ වශයෙන් ජල සැපයුම ලබාදීමට කටයුතු කළ බවත් චන්දන බණ්ඩාර මහතා පවසා සිටියේය.
කටුගස්තොට ජල පොම්පාගාරය නැවත ක්රියාත්මක කිරීම මේ වනවිට ආරම්භ කර ඇති අතර, ඉදිරි දිනය තුළ ක්රියාවිරහිතව ඇති ජල පොම්පාගාර පිළිසකර කිරීමෙන් ජල සැපයුම 100%කින් ලබාදීමට හැකි වෙතැයි අපේක්ෂා කරන බව ද ඒ මහතා සඳහන් කළේය.








