ගංවතුර හා නාය යෑම් හේතුවෙන් පීඩාවට පත්ව සිටින ශ්‍රී ලාංකිකයින්ගේ සහන සේවා කළමනාකරණය කිරීම සහ විධිමත් කිරීමට විදේශ කටයුතු, විදේශ රැකියා අමාත්‍යාංශය සහ සංචාරක අමාත්‍යාංශය එක්ව හදිසි සම්බන්ධීකරණ ඒකකයක් ස්ථාපිත කර තිබෙනවා.
ඒ අනුව විදේශයන්හි පිහිටි ශ්‍රී ලංකා දූත මණ්ඩලවලින්, ශ්‍රී ලංකාවේ විදේශ රාජ්‍ය තාන්ත්‍රික ආයතනවලින් සහ අනෙකුත් පාර්ශ්වකරුවන්ගෙන් ලැබෙන ආධාර සම්බන්ධීකරණය කිරීම සඳහා මෙම හදිසි සම්බන්ධීකරණ ඒකකය කේන්ද්‍රීය ස්ථානය ලෙස ක්‍රියා කරන බවයි නිවේදනයක් නිකුත් කරමින් විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කරන්නේ.
ලැබෙන සියලුම ආධාර ගංවතුරෙන් පීඩාවට පත් ප්රජාවන්ගේ යහපත සඳහා යොමු කරනු ලබන බවද, එම ක්‍රියාවලියේ විනිවිදභාවය සහ වගවීම සහතික කරන බව ද සඳහන් කර තිබෙනවා.
ආධාර කළමනාකරණය කිරීමට අමතරව, විදේශයන්හි ජීවත් වන ශ්‍රී ලාංකික ජාතිකයින්ට ආපදාවෙන් පීඩාවට පත් ප්‍රදේශවල සිටින ඔවුන්ගේ ඥාතීන් සමඟ සම්බන්ධ වීමටත් මෙම ඒකකය සම්බන්ධීකරණ ස්ථානයක් ලෙස ක්‍රියා කරන බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.
මේ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනය පහතින්.









