අද උදෑසන 6.00 වන විට ප්‍රධාන ගංගාවල ජල මට්ටම

අද (01) උදෑසන 6.00 වන විට දිවයින පුරා ප්‍රධාන ගංගාවල ජල මට්ටම සහ වර්ෂාපතන තත්ත්වය පිළිබඳ වාරිමාර්ග දෙපාර්තමේන්තුව විසින් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව, අද පෙරවරු 6.00 වන විට කැලණි ගඟේ නාගලගම් වීදිය ජල මාපකයේ අගය අඩි 8.40 ක් ලෙස වාර්තා වී තිබෙනවා.

හංවැල්ල ජල මාපකයේ අගය 09.69 ක් ලෙස වාර්තා කරමින් තරමක් ගංවතුර අඩුවෙමින් ඇති අතර, තවමත් එය සුළු ගංවතුර මට්ටමක් ලෙස වාර්තා වී තිබෙනවා.

එසේම කළු ගඟේ කළු ඇල්ල ජල මාපකයේ අගය අඩි 7.38 ක අගයක් වාර්තා කරමින් තවමත් සුළු ගංවතුර අවදානමක පවතින අතර, පුතුපාන ජල මාපකයේ අගය අඩි 4.28 ක අගයක් වාර්තා කරමින් සුළු ගංවතුර තත්ත්වයක පවතිනවා.

මේ අතර අත්තනගලු ඔය දූනමලේ ජල මාපකයේ අගය අඩි 4.40 ක අගයක් වාර්තා කරමින් ජලය අඩුවෙන් ඇති අතර එය මේ වන විට සුළු ගංවතුර තත්ත්වයක පවතින බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.

මහවැලි ගඟ සම්බන්ධයෙන් මෙතෙක් තොරතුරු වාර්තා වී නොමැති අතර අනෙතුත් ජලාශ සියල්ල මේ වන විට සාමාන්‍ය තත්ත්වයට පැමිණ තිබෙනවා.

 news images