උල්හිටිය ජලාශයෙන් හමුවූ පුද්ගලයාගේ මරණය ඝාතනයක්

ගිරාදුරකෝට්ටේ උල්හිටිය ජලාශයේ තිබී හමුවූ 51 හැවිරිදි පුද්ගලයාගේ මරණය ඝාතනයක් බවට හෙළිව තිබෙනවා.

පසුගිය මස මිය ගිය පුද්ගලයාගේ යතුරුපැදිය වියානා ඇලන් සහ මළ සිරුර උල්හිටිය ජලාශයෙන් හමුවී තිබුණා.

සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවෙකු සහ සැකකාරියක ඊයේ (19) අත්අඩංගුවට ගෙන තිබෙනවා.