අමෙරිකානු ඩොලර් 74,750ක් වටිනා හාල්මැස්සන් තොගයක් ලබාගෙන මුදල් නොදී වංචා කළ ව්‍යාපාරිකයෙක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය හා වාණිජ අපරාධ විමර්ශන අංශය මඟින් පෙරේදා (18) අත්අඩංගුවට ගෙන ඇත.
හාල්මැස්සන් තොගය රුපියල් කෝටි දෙකකට අධික වටිනාකමක් ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
සැකකාර ව්‍යාපාරිකයා කොළඹ 15, අලුත් මාවතේ පදිංචිකරුවෙකි. ඔහු 57 හැවිරිදි වියේ පසුවන්නෙකි.
ගයාන් කුමාර වීරසිංහ








