පිරමීඩ යෝජනා ක්‍රම පවත්වාගෙන ගිය තවත් ආයතන කිහිපයක් ගැන දැනුම්දීමක්

තහනම් පිරමීඩ යෝජනා ක්‍රම පිළිබඳව දැනුවත් කරමින්, ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය පාරිභෝගික සබඳතා දෙපාර්තමේන්තුව විසින් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව 1988 අංක 30 දරන (සංශෝධිත) බැංකු පනතේ 83(ඇ) වගන්තිය ප්‍රකාරව, ශ්‍රී ලංකා මහ බැංකුව විසින් විමර්ශනයක් පැවැත්වීමෙන් අනතුරුව “SGO/sgomine.com” විසින් තහනම් පිරමීඩ යෝජනා ක්‍රමයක නියැලීම, පවත්වා ගැනීම සහ ප්‍රවර්ධනය කිරීම සිදුකර ඇති බවට හඳුනාගෙන ඇති බවයි සඳහන් වෙන්නේ.

1988 අංක 30 දරන (සංශෝධිත) බැංකු පනතේ 83(ඇ) වගන්තියට අනුව පහත සඳහන් ආයතන / යෙදවුම් (Apps) විසින්ද තහනම් පිරමීඩ යෝජනා ක්‍රම පවත්වා ඇති බවට නිර්ණය කර ඇති බව එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන්.

‍මේ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනය පහතින්.

 news images