උතුරු සහ නැගෙනහිර ජනතාවගේ ගැටලුවලට නව දේශපාලන විසඳුමක් අවශ්‍යයි – ජනපති

දෙමළ ජාතික සන්ධානය විසින් කරන ලද ඉල්ලීමකට අනුව ජනාධිපති අනුර කුමාර දිසානායක සහ එම පක්ෂයේ නියෝජිතයන් අතර හමුවක් ජනාධිපති ලේකම් කාර්යාලයේදී ඊයේ (19) පස්වරුවේ පවත්වා තිබෙනවා.

පළාත් සභා මැතිවරණය සහ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක අවශ්‍යතාව පිළිබඳ මෙහිදී සාකච්ඡා කෙරුණු බවයි නිවේදනයක් නිකුත් කරමින් ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.

උතුරු සහ නැගෙනහිර ජනතාව මුහුණ දෙන ගැටලු විසඳීම සඳහා තවදුරටත් පැරණි දේශපාලන විසඳුම් සුදුසු නොවන හෙයින්, ඒ සඳහා නව දේශපාලන විසඳුමක් කරා යොමු විය යුතු බව රජය විශ්වාස කරන බවත්, ඒ සඳහා සියලු දෙනාගේ සහාය අපේක්ෂා කරන බවත් ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළා.

මේ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනය පහතින්.

 news images