නාවික හමු­දා­වට බයේ අයිස් කිලෝ 100ක් මුහු­දට දමලා 7ක් අත්අ­ඩං­ගු­වට

පාකි­ස්තා­නයේ සිට මුහුදු මාර්ග ඔස්සේ ජාත්‍ය­න්තර මත්ද්‍රව්‍ය ජාවා­ර­ම්ක­රු­වන් විසින් රැගෙන ආ හෙරො­යින් සහ අයිස් මත්ද්‍රව්‍ය තොග­යක් භාර­ගෙන මෙරට වෙරළ තීර­යට රැගෙන ආ බවට සැක­ක­රන බහු­දින යාත්‍රා­වක සිටි 07 දෙනෙක් පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාං­ශය විසින් අත්අ­ඩං­ගු­වට ගෙන ඇත.

මෙම යාත්‍රාව නාවික හමු­දාව විසින් පන්න­මින් සිටි­යදී එහි තිබූ මත්ද්‍රව්‍ය තොගය මහ මුහු­දට දමා ඇතැයි සැක‍ ­කෙරේ. මහ මුහු­දට දැමූ බවට සැක­ක­රන අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 100කට වැඩි ප්‍රමා­ණ­යක් අඩංගු ගෝණි 02ක් නාවික හමු­දාව විසින් සොයා­ගෙන ඊයේ ගොඩ­බි­මට රැගෙ­න­විත් බේරු­වල පොලී­සි­යට භාර දී ඇත. එම ගෝණි දෙකේ පැකට් 41ක මෙම මත්ද්‍රව්‍ය තොගය තිබී ඇත.

මුහුදු සැත­පුම් 3කට ආසන්න දුරක මුහුදේ මත්ද්‍රව්‍ය අඩංගු බවට සැක ගෝණි දෙකක් පාවෙ­මින් තිබෙන බවට කළු­තර අප­රාධ විම­ර්ශන කොට්ඨා­සයේ පොලිස් පරී­ක්ෂක කේ.කේ. දයා­සේන මහ­තාට ලද තොර­තු­රක් මත නාවික හමු­දාව දැනු­ම්වත් කිරී­මෙන් පසු නාවික හමුදා යාත්‍රා­වක් උප­යෝගී කර­ගන එම ගෝණි දෙක බේරු­වල ධීවර වරාය නීති­ගත සංස්ථාවේ මධ්‍යම යාන්ත්‍රික වැඩ­පළ අංග­ණය වෙත රැගෙන එන ලදි.

බෙන්තොට පොලී­සියේ නිල­ධා­රීන් ද ඊයේ උදෑ­සන කිලෝ 25ක් 30ක් පමණ බරැති මත්ද්‍රව්‍ය පාර්ස­ල­යක් වෙර­ළට ගොඩ­ගසා තිබි­යදී සොයා­ගෙන ඇත.

බෙන්තොට හෝට­ල­යක් පිටු­පස මුහුදු වෙරළේ මෙම පාර්ස­ලය තිබූ බව බෙන්තොට පොලී­සිය කියයි.

ප්‍රදේ­ශ­වා­සී­න්ගෙන් ලද තොර­තු­රක් මත බෙන්තොට පොලී­සියේ වැඩ­බ­ලන ස්ථානා­ධි­පති පොලිස් පරී­ක්ෂක උපුල් කුමාර මහතා විසින් මෙම පාර්ස­ලය පරීක්ෂා කර බලා පොලී­සියේ භාර­යට ගෙන ඇත.

මෙම පාර්ස­ලය ජල­යෙන් හානි නොවන පරි­ද්දෙන් හොඳින් ආව­ර­ණය කර තිබී ඇත. මෙම මත්ද්‍රව්‍ය රැගෙන ආ බවට සැක­ක­රන බහු­දින යාත්‍රාව, නාවික හමු­දාව විසින් කොටු­ක­ර­ගෙන දික්ඕ­විට ධීවර වරාය වෙත රැගෙ­න­විත් ඇත්තේ පෙරේදා (17) ය. එහි සිටි සැක­ක­රු­වන් අත්අ­ඩං­ගු­වට ගෙන ඇත්තේ දික්ඕ­විට ධීවර වරා­යේ­දීය.

අත්අ­ඩං­ගු­වට ගත් සැක­ක­රු­වන් තොඩු­වාව දුන්ක­න්නාව, ගලෙ­න්බි­ඳු­ණු­වැව, දුම්ම­ල­සූ­රිය, ආණ­ම­ඩුව ප්‍රදේ­ශ­වල පදිංචි අවු­රුදු 45ත් 31ත් අතර වය­ස්වල පසු­ව­න්නන් බව පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාං­ශය සඳ­හන් කරයි.

ධීවර කට­යු­තු­වල නිරත වන ධීව­ර­යන් රැගත් බහු­දින යාත්‍රා, එම යාත්‍රා මහ මුහුදේ ඇති ස්ථාන සහ ගමන් මාර්ග හඳුනා ගැනී­මට වී.එම්.එස්. සංඥා ක්‍රියා­ත්ම­කය.

මෙම සැක­ක­රු­වන් අත්අ­ඩං­ගු­වට ගත් යාත්‍රාව ධීරව කට­යුතු සඳහා ගමන් කිරී­මේදී මෙම පද්ධ­තිය ක්‍රියා­ත්ම­කව තිබු­ණත් අත­ර­ම­ඟදී එය අක්‍රිය කර තිබී ඇති බව විම­ර්ශ­න­යේදී අනා­ව­ර­ණය වී තිබේ. එසේ එම පද්ධ­තිය අක්‍රිය කර තිබීම ද සැක­යට තුඩු දී ඇත.

මෙම යාත්‍රා නාවික හමු­දාව විසින් සිය භාර­යට ගන්නා විට ඒ තුළ කිසිදු මත්ද්‍ර­ව්‍ය­යක් තිබී නැත.

ගයාන් කුමාර වීර­සිංහ, ජය­කාන්ත ලිය­නගේ – බළ­පි­ටිය විශේෂ, අලු­ත්ගම-තුසිත කුමාර ද සිල්වා, පාන­දුර සංචා­රක – සුමිත් ප්‍රේම­ති­ලක, ගල්පාත – චන්දන පෙරේරා