NPP බලය හිමි පලාත් පාලන ආයතනවල අයවැයට පක්ෂව ඡන්දය දුන් ශ්‍රීලනිප මන්ත්‍රීවරුන්ට එරෙහිව විනය පියවර

පළාත් පාලන ආයතනවල අයවැය සම්මත කිරීම්වලදී ජාතික ජන බලවේගයට සහයෝගය ලබා දුන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සභිකයින් සම්බන්ධව දැඩි විනය පියවර ගන්නා බව ශ්‍රි ලංකා නිදහස් පක්ෂය පවසනවා.

දැනටමත් ජාතික ජන බලවේගයට පක්ෂව ඡන්දය ලබා දුන් සභිකයින්ගේ පක්ෂ සාමාජිකත්වය තාවකාලිකව අත්හිටුවීමට ද පියවර ගෙන ඇති බවයි එම පක්ෂය සඳහන් කරන්නේ.

මේ පිළිබඳව ඔවුන්ගෙන් දැනටමත් නිදහසට කරුණු විමසා ඇති අතර, ඔවුන්ට එරෙහිව දැඩි විනය පියවර ගැනීමට නියමිත බවයි ශ්‍රි ලංකා නිදහස් පක්ෂය වැඩිදුරටත් සඳහන් කර සිටින්නේ.