ජාතික පොලිස් කොමිසමෙන් නව ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් දෙදෙනෙකුට අනුමැතිය

ජාතික පොලිස් කොමිෂන් සභාව ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් දෙදෙනෙකුගේ පත්වීම් සඳහා අනුමැතිය ලබා දී තිබෙනවා.

ඒ අනුව, සංජීව ධර්මරත්න පරිපාලනය භාර ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලෙස පත් කිරීමට සහ ලලිත් පතිනායක එම ධුරයෙන් ඉවත් කර මධ්‍යම පළාත භාර ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලෙස පත් කිරීමටයි මෙසේ අනුමැතිය ලබා දී ඇත්තේ.