ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය ස්ථාපිත කර වසර 40 ක් සපිරීම නිමිත්තෙන් සංවිධානය කර ඇති විශේෂ සැමරුම් උත්සවයක් අද (15) අග්‍රාමාත්‍ය හරිනි අමරසූරියගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේදී පැවැත්වෙනවා.
“දේශ සීමා ඉක්මවා – ශ්‍රි ලාංකිකයින් බලගැන්වීම” යන තේමාව යටතේ මෙම සැමරුම් උත්සවය පැවැත්වෙන අතර, ඊට සමගාමීව විගමණික ප්‍රජාව වෙනුවෙන් සේවාවන් රැසක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බවයි සඳහන් වන්නේ.
විගමණික ප්‍රජාව වෙත පහසුකම් සැපයීමේ යෙදවුම හඳුන්වාදීම, ශ්‍රමිකයෙකුගේ මරණයකදී පවුලේ ඥාතීන් වෙත ගෙවන දීමනාව රු.40,000 සිට රු.100,000 දක්වා ඉහල නැංවීම, නව්‍යකරණය කරන ලද 24 පැය ඇමතුම් මධ්‍යස්ථානය විවෘත කිරීම, සාර්ථකව ව්‍යාපාරවල නියැලෙන විගමණික ශ්‍රමිකයින් ඇගයීම, දීර්ඝ කාලයක් පවත්වාගෙන යන විදේශ රැකියා නියෝජිතායතන ඇගයීම, විගමණික දූ දරුවන් සඳහා මූල්‍යමය සහයෝගය ලබාදීමේ වැඩසටහන ආරම්භ කිරීම, ශ්‍රමිකයෙකුගේ මරණයකදී ලබාදෙන රක්ෂණ වන්දි මුදල ලක්ෂ 6 සිට ලක්ෂ 20 දක්වා ඉහළ නැංවීම, ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය ඩිජිටල්කරණ වැඩසටහන ආරම්භ කිරීම, විගමණික ශ්‍රමිකයින්ගේ දරුවන් සඳහා ලැප්ටොප් පරිගණක ප්රදානය කිරීම, විගමණික ශ්‍රමිකයින් සඳහා නිවාස ණය මිලියන 10 ක් දක්වා ඉහළ නැංවීම හා ජනාධිපති අරමුදල මගින් විගමණික පවුල් සඳහා ප්රතිලාභ ලබාදීම වැනි පහසුකම් රැසක් ක්‍රියාත්මක කිරීමට කටයුතු යොදා තිබෙන බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.








