අයවැය තෙවන වර කියවීම හෙවත් කාරක සභා අවස්ථාවේ විවාදය අද (15) සිට ආරම්භ වීමට නියමිතව තිබෙනවා.
ඒ අනුව, එම විවාදය අද සිට දින 17 ක් පැවැත්වීමට නියමිත බවත්, අයවැය තෙවන වර කියවීමේ ඡන්ද විමසීම දෙසැම්බර් මස 05 වැනිදා පස්වරු. 6.00 ට සිදුකරන බවයි පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
2026 අයවැය දෙවන වර කියවීම වැඩි ඡන්ද 118 කින් ඊයේ (14) පස්වරුවේ සම්මත වුණා.
එහිදී අයවැයට පක්ෂව ඡන්ද 160 ක් සහ විරුද්ධව ඡන්ද 42 ක් ලැබුණු අතර, 08 දෙනෙකු ඡන්දය ලබාදීමෙන් වැළකී සිටියා.
මෙහිදී විපක්ෂය නියෝජනය කරන මනෝ ගනේෂන්, රාධා ක්‍රිෂ්ණන්, පලනි දිගම්බරන් හා ජීවන් තොණ්ඩමන් යන මන්ත්‍රීවරු අයවැයට පක්ෂව ඡන්දය ප්‍රකාශ කර තිබුණා.
2026 වසර සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත දෙවන වර කියවීම හෙවත් අයවැය කතාව පසුගිය 07 වැනිදා මුදල්, ක්‍රමසම්පාදන හා ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා.








