වාහනවලින් අපේක්ෂිත ආදායමට වඩා බිලියන 100ක්

2025 වර්ෂයේ වාහන ආනයන බදු මගින් අපේක්ෂිත ආදායමට වඩා රුපියල් බිලියන 100කට වැඩි ආදායමක් උපයා තිබෙනවා.

පාර්ලිමේන්තු මන්ත්‍රි ආචාර්ය හර්ෂ ද සිල්වාගේ සභාපතිත්වයෙන් යුතු රජයේ මුදල් පිළිබද කාරක සභාව පාර්ලිමේන්තුවේ රැස්වූ අවස්ථාවේදී මෙම කරුණු අනාවරණය වුණා.

කෙසේ වෙතත්, වාහන ආනයනය අවම වීම හමුවේ ලබන වසරේදී ආදායම් වැඩිවීම මන්දගාමීවනු ඇතැයි අපේක්ෂා කරන බව සඳහන්.