උසස් පෙළින් සුදුසුකම් ලබන ආබාධිත සිසුන්, මෙතෙක් පීඨ 4ක් සඳහා පමණක් ඇතුළත් කර ගනු ලැබූවත්, මින් පසු විශ්වවිද්‍යාලවල සියලු පීඨවලට ඇතුළත් කර ගැනීමට පියවර..

 උසස් පෙළ විභාගයෙන් විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා සුදුසුකම් ලැබූ අබාධිත සිසුන් දිවයිනේ සියලු විශ්වවිද්‍යාල වල සියලු පීඨවලට ඇතුළත් කර ගැනීමට තීරණය කර තිබේ.

උසස් අධ්‍යාපනය පිළිබඳ පාර්ලිමේන්තු උපදේශක අනුකාරක සභාවේ අනුමැතිය ඊට හිමිවූ බව අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය මධුර සෙනෙවිරත්න මහතා සඳහන් කළේ ය.

ඒ අනුව මෙවර උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල මත අබාධිත සිසුන්ට එම අවස්ථාව හිමිවන බව ඔහු ප්‍රකාශ කරන ලදි.

මෙතෙක් අබාධිත සිසුන් ඇතුළත් කර ගැනුණේ විශ්වවිද්‍යාලවල පීඨ 4 ක් සඳහා පමණි.