‍ලොකු පැටීගේ ගෝලයන් දෙදෙනෙක් අලුත්ගමදී අත්අඩංගුවට

සංවිධානාත්මක අපරාධකරුවෙකු වන ‘ලොකු පැටී’ගේ ගෝලයන් දෙදෙනෙක් අලුත්ගම පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ ඌරගස්මන්හන්දිය සහ ඉඳුරුව ප්‍රදේශයේ පදිංචි 24 සහ 27 හැවිරිදි තරුණයින් දෙදෙනකු බවයි පොලීසිය ප්‍රකාශ කළේ.

ජාවාරම් මුදල් ලක්ෂ 26 ක්, හෙරොයින් මත්කුඩු තොගයක්, යතුරුපැදියක් සහ ජංගම දුරකථන 02 ක්ද ඔවුන් සතුව තිබී අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්.

සැකකරුවන් කළුතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර රැඳවුම් නියෝග ලබාගැනීමට නියමිත අතර, සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.