විනෝද චාරිකා, වන්දනාමාන සහ විවිධ චාරිකා සඳහා නිවසින් පිටත්ව ගිය පසු, තමන් දැනට ඉන්නා ස්ථානය සඳහන් කරමින් සමාජ මාධ්‍ය හරහා සෙල්ෆි ඡායාරූප පළ කිරීමෙන් වළකින ලෙසට පොලිස් මාධ්‍ය ප්‍රකාශක, සහකාර පොලිස් අධිකාරී එෆ්.යූ. වුට්ලර් ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.
ඔබ පසුපස එන අපරාධකරුවන්ට එය වාසි සහගත තොරතුරක් විය හැකි බවයි අද (11) පැවති විශේෂ මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ.
ඔබ විනෝද චාරිකා සඳහා තෝරා ගන්නා බස් රථය හෝ වාහනය ගැන මෙන්ම, එහි රියදුරු පිළිබඳව ද නිවැරදි අවබෝධයකින් සිටිය යුතු බවද, රථයේ යාන්ත්‍රික දෝශ පිළිබඳ ඔබ සැහීමකට පත්වීමට තරම් සැලකිලිමත්විය යුතු බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියා.








