සංවිධානාත්මක අපරාධකරුවෙක් බව කියන රැඳවියෙක් බන්ධනාගාරයක් තුළ ජංගම දුරකථනය භාවිත කරමින්, සුව පහසු ලෙස රැඳී සිටින ආකාරය දැක්වෙන, සමාජ මාධ්‍යයේ සංසරණය වන වීඩියෝ පටය සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර ඇති බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසනවා.
අදාළ රැඳවියා සිය ජංගම දුරකථනය නරඹමින්, මත්ද්‍රව්‍ය භාවිතා කරන ආකාරය මෙන්ම, තවත් රැඳවියෙකු විසින් ඔහුගේ හිස සම්බාහනය කරන ආකාරයද එම වීඩියෝ පටයේ දැක්වෙන බවයි සඳහන් වන්නේ.
එම සිදුවීම බූස්ස බන්ධනාගාරයේ සිද්ධියක් නොවන බවට එම බන්ධනාගාර අධිකාරීවරයා විසින් තහවුරු කළ බවත්, මෙම සිදුවීම සම්බන්ධයෙන් කඩිනමින් වාර්තාවක් ලබාදෙන ලෙසට බූස්ස, ගාල්ල, සහ අඟුණකොළපැලැස්ස යන බන්ධනාගාරවල අධිකාරීවරුන්ට දැනුම් දී ඇති බවයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරන්නේ.








