ශ්‍රී ලංකා සයිබර් ආරක්ෂණ සමුළුව 12 වැනිදා ජනපති ප්‍රධානත්වයෙන් පැවැත්වේ

ශ්‍රී ලංකාවේ 16 වන සයිබර් ආරක්ෂණ සමුළුව නොවැම්බර් 12 වැනිදා ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතව තිබෙනවා.

“ශ්‍රී ලංකාව සඳහා වඩාත් විශ්වාසදායී සයිබර් ආරක්ෂණ පරිසරයක් නිර්මාණය කිරීම” යන්න මෙවර සමුළුවේ තේමාව වී ඇති බවයි ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය සඳහන් කළේ.

දෙස් විදෙස් නියෝජිතයින් ඇතුළු ආරාධිතයන් 400 කට අධික සංඛ්‍යාවක් මෙම සමුළුවට සහභාගී වන අතර, මෙම ජාතික සමුළුව ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය සහ ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය (Sri Lanka CERT) ඒකාබද්ධව සංවිධානය කර තිබෙනවා.

ප්‍රතිපත්තීන් හැඩගැස්වීම, භාවිතයෙන් සක්‍රීය කිරීම සහ ජාතික වශයෙන් ප්‍රතිචාර දැක්වීමේ ධාරිතාව ශක්තිමත් කිරීම පිළිබඳව මෙවර සමුළුවේදී වැඩි අවධානයක් යොමු වී ඇති බවයි ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කරන්නේ.

මේ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනය පහතින්.

 news images news images