බෙරලපනාතර සමූපකාරයේ බලයත් පොහොට්ටුව ප්‍රමුඛ පොදු විපක්ෂයට: විපක්ෂයට ඡන්ද 85යි මාලිමාවට 14යි

මාතර දිස්ත්‍රික්කයේ බෙරලපනාතර සමූපකාර නිලවරණයේදී මාලිමාව පරදවා බලය ලබා ගැනීමට ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ප්‍රමුඛ පොදු විපක්ෂය සමත් වූ බව හිටපු අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන ප්‍රකාශ කරනවා.

බෙරලපනාතර සමුපකාර ඡන්දය පැවැත්වුණේ අද (09) පස්වරුවේයි.

හක්මන මැතිවරණ කොට්ඨාශයේ ඌරුබොක්ක බෙරලපනාතර සමුපකාර සංගමයේ අධ්‍යක්ෂ මණ්ඩලය තෝරාගැනීම සඳහා පැවැති ඡන්දයේදිි මෙසේ ශ්‍රී ලංකා පොදු ජනපෙරමුණ ප්‍රමුඛ විපක්ෂය ජයග්‍රහණය කර තිබෙනවා.

ඡන්ද ප්‍රතිඵල අනුව, පොහොට්ටුව ප්‍රමුඛ විපක්ෂය ජන්ද 85 ක් ලබා ගත්අතර ආණ්ඩුවේ මාලිමා කණ්ඩායම ලබාගත්තේ ජන්ද 14 ක්.

ආණ්ඩුව වෙනුවෙන් මාලිමා පාර්ලිමේන්තු මන්ත්‍රී ලාල් ප්‍රේමනාත් විසින් මෙම මැතිවරණය මෙහෙයවා ඇති අතර පොදු විපක්ෂය වෙනුවෙන් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මාතර දිස්ත්‍රික් නායක හිටපු අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වීරසුමන වීරසිංහ, හිටපු පළාත් සභා මන්ත්‍රී රංජිත් මුණසිංහ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ දිස්ත්‍රික් සංවිධායක ධම්මික සොලමන් යන අය විසින් මැතිවරණය මෙහෙයුම් කටයුුතු සිදුකර ඇතැයි වාර්තා වනවා.