අයවැය දෙවන වර කියවීමේ විවාදයේ දෙවැනි දිනය අද

අයවැය දෙවන වර කියවීමේ විවාදයේ දෙවැනි දිනය අදයි.

අයවැය දෙවන වර කියවීමේ විවාදය මේ මස 14 වැනිදා දක්වා පැවැත්වෙන අතර, එහි ඡන්ද විමසීම පැවැත්වෙන්නේ එදින පස්වරු 6 ටයි.

ඉන් අනතුරුව කාරක සභා අවස්ථාවේ විවාදය හෙවත් අයවැය තුන්වන වර කියවීමේ විවාදය මේ මස 15 වැනිදා සිට ලබන මස 5 වැනිදා දක්වා පැවැත්වෙන අතර අයවැය තුන්වනවර කියවීම හෙවත් අවසන්වර ඡන්ද විමසීම දෙසැම්බර් 5 වැනිදා පස්වරු 6ට සිදුකිරීමට නියමිතයි.