මැද­පෙ­ර­දිග සැඟවී සිටින කුඩු ජාවා­ර­මුන් 7ක් භාර වෙන්න සූදා­නම්

මැද­පෙ­ර­දිග සැඟව සිටින ශ්‍රී ලාංකික මත්ද්‍රව්‍ය ජාවා­ර­ම්ක­රු­වන් 07 දෙනකු මත්ද්‍රව්‍ය ජාවා­ර­මෙන් ඉව­ත් වෙ­මින් භාර­වී­මට කැමැත්ත පළ කර ඇතැයි මහ­ජන ආර­ක්ෂක හා පාර්ලි­මේන්තු කට­යුතු ඇමැති ආනන්ද විජේපාල මහතා සඳ­හන් කළේය.

ඇමැ­ති­ව­රයා මේ බව පැව­සුවේ විෂ මත්ද්‍රව්‍ය මුලි­නු­පුටා දැමී­මට වන ‘රටම එකට’ ජාතික මෙහෙ­යුම් කොළඹ දිස්ත්‍රික් මෙහෙ­යුම් සභාව ආරම්භ කිරීමේ අව­ස්ථා­වට ඊයේ (09) එක්වෙ­මිනි.

එහිදී වැඩි­දු­ර­ටත් අද­හස් දැක්වූ ඇමැ­ති­ව­රයා මෙලෙස ද කීවේය.

“ඒ සම්බ­න්ධ‍යෙන් ඔවුන් පෙරේදා (08) කතා කළා. එම ජාවා­ර‍මෙන් ඉව­ත්වී­මට කැමැති බව ද පැව­සුවා. මේ ජාවා­ර­ම්ක­රු­වන් මැද­පෙ­ර­දිග සැඟව සිටින ස්ථාන සම්බ­න්ධ­යෙන් මේ වන විට ප්‍රකාශ කර තිබෙ­නවා.

විෂ මත්ද්‍ර­ව්‍ය­ව­ලට ඇබ්බැහි වී ඇති තරු­ණ­යන් පුන­රු­ත්ථා­ප­නය කිරී­මට උප­දේ­ශ­ක­යන් (Counsellors) යොදා ගැනී­මට කට­යුතු කර­නවා. එම උප­දේ­ශ­ක­යන් 250ක් මේ වන විට විශේෂ පුහු­ණු­ව­කට යොමු කර­මින් සිටි­නවා.”

මත්ද්‍ර­ව්‍ය­ව­ලට ඇබ්බැ­හි­වූ­වන්, මවු­පි­යන් සමඟ පැමිණ ස්වේච්ඡා­වෙන් පුන­රු­ත්ථා­ප­න­යට භාර වන ලෙස ඉල්ලී­මක් ද කර­නවා. විෂ මත්ද්‍ර­ව්‍ය­ව­ලට ඇබ්බැ­හි­වූ­වන් සිර­ගත කිරී­මෙන් පම­ණක් මෙය තුරන් කළ නොහැ­කියි.

කොළඹ දිස්ත්‍රි­ක්කය එක පැත්ත­කින් මත්ද්‍රව්‍ය ජාල­යට සංකීර්ණ දිස්ත්‍රි­ක්ක­යක් හැටි­යට හඳු­නා­ගෙන තිබෙ­නවා. ජන­ග­හ­නය වැඩියි. විවිධ තල­වල ජන­තාව ජීවත් වෙනවා. පැල්ප­ත්වා­සීන්, මහල් නිවාස ඇතුළු විවි­ධා­කාර ජන ඝන­ත්ව­යක් සහිත පවුල් සිටි­නවා. වාර්තා වී තිබෙන කරුණු අනුව විශාල වශ­යෙන් මත්ද්‍රව්‍ය සංස­ර­ණය වෙනවා. 1818 ක්ෂණික ඇම­තුම් සේවා­වට දුර­ක­තන ඇම­තුම් 800ක් පමණ ලැබී තියෙ­නවා.

මත්ද්‍රව්‍ය නිවා­ර­ණය පොලී­සි­යට සහ හමු­දා­වට පම­ණක් අව­සන් කරන්න හැකි­යා­වක් නෑ. ඇබ්බැ­හි­වූ­වන් අත්අ­ඩං­ගු­වට ගෙන දඬු­වම් පැමි­ණ­වී­මෙන් පම­ණක් මෙය අව­සන් කර­න්නත් බෑ. කමිටු 14,000ක් දැන් හදලා අව­සන් කර තිබෙ­නවා. මුළු රටම ආව­ර­ණය කෙරෙන ජාල­යක් අපි හදා තියෙ­නවා.

කිසි දෙයක් හොර රහසේ සිද්ධ වෙන්නේ නෑ. සියලු ආය­තන, සියලු පළාත් පාලන ආය­ත­න­ව­ලත් මෙය ක්‍රියා­ත්මක වෙනවා. පාස­ල්ව­ලත් විදු­හ­ල්ප­ති­ව­රුන්, ආදි ශිෂ්‍ය­යන් වගේම ශිෂ්‍ය නාය­ක­ය­න්ගෙන්, ගුරු­ව­රු­න්ගෙන් සම­න්විත කමි­ටුව නිර්මා­ණය කිරී­මට අව­ශ්‍යයි. දරු­වන් ඊට ඇබ්බැ­හි­වෙලා තියෙ­නවා නම් පුන­රු­ත්ථා­පන වැඩ­ස­ට­හන් ක්‍රියා­ත්මක වෙනවා. අත­ර­මැදි නිවෙස්න තුනක් දැන­ට­මත් පුන­රු­ත්ථා­ප­න­යට ආරම්භ කර තිබෙ­නවා.

අන්ත­රා­ය­කර ඖෂධ පාලක මණ්ඩ­ලය යටතේ නිල­ධා­රීන් 250ක් පුහුණු කර පුන­රු­ත්ථා­පන වැඩ­ස­ට­හන් ක්‍රියා­ත්මක කිරී­මට යොද­ව­නවා. නිවෙ­සේම තබා පුන­රු­ත්ථා­ප­නය කරන අය හඳු­නා­ගෙන, රෝහ­ල්ගත කළ යුතු මට්ටමේ අය හඳු­නා­ගෙන සෞඛ්‍ය අමා­ත්‍යාං­ශයේ මැදි­හ­ත්වී­මෙන් ඊට අදාළ කට­යුතු සිදු කර­නවා.

අත­ර­මැදි නිවෙ­ස්න­වල දින 14ක කාල­යක් පුන­රු­ත්ථා­පන කාල­යක් ගත කර සමා­ජ­ගත කිරීම, මාස තුනක හෝ මාස හයක පුනරු­ත්ථා­පන වැඩ­ස­ට­හන් ක්‍රියා­ත්මක කිරීම මේ යටතේ සිදු කෙරෙ­නවා. සෑම දිස්ත්‍රි­ක්ක­ය­කම පුනරු­ත්ථා­පන මධ්‍ය­ස්ථා­න­යක් නිර්මා­ණය කිරී­මට කට­යුතු යොදා තිබෙ­නවා. ඒ සඳහා මෙවර අය-වැයෙන් රුපි­යල් මිලි­යන 1500ක් වෙන් කර තිබෙ­නවා.

මේ සමාජ පරි­ස­රය වෙනස් නොකර පුන­රු­ත්ථා­ප­නය කර ආපහු මුදා­හැ­රී­මෙන් ප්‍රයෝ­ජ­න­යක් නෑ. ඒ නිසා සමා­ජ­යක් හැටි­යට අපි පුන­රු­ත්ථා­ප­නය කරන දරුවා සමා­ජ­යට මුදා­හැ­රිය හැකි සමා­ජ­යක් නිර්මා­ණය කිරීම අපේ අර­මු­ණයි. කිසි­ව­කු­ටත් දඬු­වම් දී ඔවුන් සිරගත කර මේක තුරන් කරන්න හැකි­යා­වක් නෑ. මත්ද්‍රව්‍ය වැට­ලීම් දිගින් දිග­ටම සිදු කර­නවා. ජාවා­ර­ම්ක­රු­වන්, බෙදා හරි­න්නන් මේ සියලු දෙනා නීතිය රැහැ­නට කොටු කර­ගැ­නීම දිගින් දිග­ටම සිදු වෙනවා.”

නෙරං­ජලා වික්‍ර­ම­සිංහ