වතු කම්කරුවන්ගේ වැටුප රු.1750 දක්වා වැඩි කිරීමට ජනාධිපතිවරයා කටයුතු කිරීම සම්බන්ධයෙන් බගවන්තලාව ටින්සින් ප්රදේශයේ වතු කමිකරුවන් අද (09) දින රතිඤ්ඤා දල්වමින් සිය සතුට පල කළා.
ජනාධිපතිවරයාට සහ රජයට ස්තුතිය පල කරමින් රතිඤ්ඤා දල්වමින් වැඩි වූ වැටුපට වතුකරයේ ජනතාව ස්තූතිය එසේ පල කර තිබුණා.
එම ජනතාව කියා සිටියේ ඉතිහාසයේ පළමු වතාවට උද්ඝෝෂණ සහ වැඩ වර්ජන නොකරමින් සිටියදී වතුකරයේ ජනතාවගේ දුක හඳුනාගෙන එම ජනතාවගේ වැටුප් වැඩි කිරීමට ජනාධිපතිවරයා පියවර ගත් බවයි.
2028 වසරෙන් පසුවත් මේ රටේ ජනාධිපතිවරයා වශයෙන් අනුර කුමාර දිසානායක මහතාත් වත්මන් රජයත් පත් කිරීමට වතුකරයේ ජනතාවගේ පුර්ණ සහයෝගය ලබා දෙන බවයි, එම ජනතාව කියා සිටියේ.








