යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්චුනාට ඩුබායි ජාත්‍යන්තර ගුවන්තොටුපළේ පසුගිය 06 වැනිදා පැය 19 ක කාලයක් රැඳී සිටීමට සිදුව තිබෙනවා.
ඊට හේතු වී ඇත්තේ ඔහුට ප්‍රංශයේ සිට ඩුබායි දක්වා පැමිණෙන විට සිදුවූ යම්කිසි ඇබැද්දියක්.
ප්‍රංශයේදී ඔහු ගුවන්තොටුපොළේ පරීක්ෂාවට ලක් කරන අවස්ථාවේදී ඔහුගේ ලැප්ටොප් යන්ත්‍රය පරීක්ෂා කර ඇති අතර එම ලැප්ටොප් යන්ත්‍රය පරීක්ෂා කර ආරක්ෂක අංශවලට නැවත එය රාමනාදන් අර්චුනාට භාරදීමට අමතක වී තිබෙනවා.
ඩුබායි ජාත්‍යන්තර ගුවන් තොටුපළට පැමිණි පසුවයි අර්චුනා මන්ත්‍රීවරයා දැන ගත්තේ තමාගේ ලැප්ටොප් යන්ත්‍රය ප්‍රංශයේ ආරක්ෂක අංශ විසින් තමාට යළි ලබා නොදුන් බව.
එම නිසා ඔහු ඩුබායි සිට ප්‍රංශය දැනුවත් කර තමාගේ ලැප්ටොප් යන්ත්‍රය ලබා දෙන ලෙස ඉල්ලා තිබෙනවා.
තමාගේ රාජකාරී කටයුතුවලට අදාළ දත්ත රැසක් ලැප්ටොප් යන්ත්‍රයේ තිබෙන නිසා එය තමාට අත්‍යවශ්‍ය බව රාමනාදන් අර්චුනා පැරිස් ගුවන් තොටුපොළේ බලධාරීන්ට දන්වා තිබෙනවා.
ප්‍රංශ බලධාරීන් ප්‍රකාශ කර ඇත්තේ ප්‍රංශයේ සිට ඩුබායි දක්වා පැමිණෙන ගුවන් යානයක මෙම ලැප්ටොප් යන්ත්‍රය එවන බවයි.
ඵම ගුවන් යානය පැමිණෙනතුරු අර්චුනා මන්ත්‍රීවරයාට ඩුබායි ගුවන්තොටුපොළේ රැඳී සිටීමට සිදුවුණා.
එම නිසා ඔහුට ඩුබායි සිට කොළඹ දක්වා නියමිත ගුවන් යානයෙන් පැමිණීමට නොහැකි වී ඇති අතර පැය 19 ක කාලයක් ඔහුට ඩුබායි ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ රැඳී සිටීමට සිදුවුණා.
නැවත ලැප්ටොප් යන්ත්‍රය ලබා ගැනීමෙන් පසුව අර්ජුනා මන්ත්‍රීවරයා ඩුබායි සිට කොළඹ කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ දක්වා පැමිණ තිබෙනවා.
කොළඹ බලා පැමිණ ඇත්තේ ඩුබායි ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ පැය 19ක කාලයක් රැඳී සිටීමෙන් අනතුරුවයි.
ඵම කාලයත් සමඟම රාමනාදන් අර්චුනා මන්ත්‍රීවරයාට ප්‍රංශයේ සිට කොළඹ දක්වා පැමිණීමට පැය 47ක කාලයක් ගතවී තිබෙනවා.








