රේගුව දිනකදී ලැබූ ඉහළම ආදායම වාර්තා කරයි

ශ්‍රී ලංකා රේගුව දිනකදී ලැබූ ඉහළම ආදායම ඊයේ (06) වැනිදා වාර්තා කර තිබෙනවා.

ඒ රුපියල් බිලියන 27.7ක් බව සඳහන්.

එම ආදායම ඉකුත් 2024 ඔක්තෝබර් 15 වැනිදා ලැබූ ඉහළම වාර්තාව බිඳ දැමීමට සමත්ව ඇති බවයි ශ්‍රී ලංකා රේගුව සඳහන් කළේ.

එමෙන්ම ඉකුත් 2024 ඔක්තෝබර් මාසයේදී ශ්‍රි ලංකා රේගුව රුපියල් මිලියන 24,918ක මුදලක් රැස් කිරීමට සමත් වූ බවද ශ්‍රී ලංකා රේගුව වාරතා කරනවා.