මේ වසරේ (2025) ජනවාරි සිට සැප්තැම්බර් දක්වා කාලයේ ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ අනුමත ව්‍යාපෘතීන් හරහා ඍජු විදේශ ආයෝජන ලෙස එක්සත් ජනපද ඩොලර් මිලියන 827ක් ලැබී ඇත.
එය පසුගිය වසරේ එම කාලයට සාපේක්ෂව (2024) හා සසඳන විට 138%ක වැඩිවීමක් බව ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය පවසයි.
මෙම ආයෝජන ගලා ඒම මූලාශ්‍ර හතරකින් සිදුව තිබෙන අතර එනම් කොටස් ප්රාග්ධනය ලෙස ඇ.ඩො. මිලියන 111, නැවත ආයෝජනය කරන ලද රඳවාගත් ඉපැයීම් ලෙස – ඇඩො මිලියන 132, ආයෝජන සඳහා අන්තර් සමාගම් විදේශීය ණය ගැනීම් ලෙස – ඇඩො.මි මිලියන 231, ආයෝජන සඳහා දිගුකාලීන විදේශ වාණිජ ණය -ඇඩො. මිලියන 331ක් ලැබී තිබේ.
මෙම ඍජු විදේශ ආයෝජන ලැබීම ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය සමඟ 2025දී අත්සන් කරන ලද ව්‍යාපෘති ගිවිසුම හරහා අමෙරිකානු ඩොලර් මලියන 124ක් ලෙස සාක්ෂාත් කර ගන්නා ලද අතර, මෙම ප්‍රගතිය නව ආයෝජකයන්ගේ වර්ධනය වන විශ්වාසය සහ ශක්තිමත් ව්‍යාපාරික පරිසරයක් යටතේ තම මෙහෙයුම් පුළුල් කිරීමට පවත්නා ආයෝජකයන්ගේ අඛණ්ඩ කැපවීම යන දෙකම පිළිබිඹු කරන බව මණ්ඩලය පවසයි.
ජයසිරි මුණසිංහ