මහනුවර, තැන්නේකුඹුර පාලම ආසන්නයෙන් අතුරුදන් වූ බවට සඳහන් සිසුන් දෙදෙනාගෙන් එක් අයෙකුගේ මෘත ශරීරය මහවැලි ගඟේ පාවෙමින් තිබියදී සොයා ගෙන තිබෙනවා.
එම මෘත ශරීරය මහවැලි ගඟේ, හාරගම ප්‍රදේශයේ පාවෙමින් තිබියදී සොයා ගෙන ඇති අතර, එලෙස මියගොස් ඇත්තේ 14 හැවිරිදි වියේ පසුවූ පාසල් සිසුවකු වන රවිචන්ද්‍රන් ජෙගදීස් බවයි සඳහන් වන්නේ.
ඊයේ (09) දිනයේදී පාසල් සිසුන් දෙදෙනෙකු අතුරුදන්ව ඇති බවට වාර්තා වූ අතර, මහනුවර නගරයේ පාසල් දෙකක ඉගෙනුම ලබමින් සිටි, තැන්නේකුඹුර ප්‍රදේශයේ පදිංචි 09 වැනි වසරේ සහ 08 වැනි වසරේ ඉගෙනුම ලැබූ 14 හැවිරිදි රවිචන්ද්‍රන් ජෙගදීස් සහ එම්. මිලාන් නමැති සිසුන් දෙදෙනෙක් මෙලෙස අතුරුදන් වී තිබුණා.
මෙම සිසුන් දෙදෙනා ඊයේ පස්වරුවේ සුරතල් මසුන් මිල දී ගැනීමට දිගන ප්‍රදේශයට යන බව පවසමින් නිවෙස්වලින් පිටව ගොස් ඇති බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.